තවත්
    මුල් පිටුවදේශීය පුවත්පුංචි ඡන්දයට පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවෝ රැසක්

    පුංචි ඡන්දයට පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවෝ රැසක්

    පාතාලයේ සහ මත්කුඩු ජාවාරමේ ප්‍රබලයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රැසක් මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී සිටිති.

    බුද්ධි අංශ සඳහන් කරනු ලබන්නේ වැඩි පිරිසක් බස්නාහිර සහ දකුණු පළාත් වලින් ඉදිරිපත්ව සිටින බවය.

    දෙමටගොඩ නමගිය මත්කුඩු ජාවාරමට සම්බන්ධ පාතාල අපරාධකරුවෙකුගේ පුතෙක් කොළඹ මහා නගර සභාවට ප්‍රධාන දේශපාලන පක්ෂයකින්ද, රටින් පළාගොස් ඩුබායි හී රැදී සිටින පාතාල අපරාධකරුවෙකුගේ පුතෙකු ප්‍රධාන දේශපාලන පක්ෂයකින් දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවටද තරග කරන බව බුද්ධි අංශ සඳහන් කරයි.

    මෙම පාතාල අපරාධකරුවන් දෙදෙනාටම එරෙහිව මුදල් විශුද්ධිකරණයෙන්ද අපරාධ පරීීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භකර ඇති අතර පාතාල අපරාධකරුවන්ගේ පුතුන් දෙදෙනාම පොලිසීයිට හසුවී තිබීමද විශේෂත්වයකි.

    ඊට අමතරව මත්කුඩු කිලෝ සිය ගණන් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත සිටින බහුදින යාත්‍රා හිමිකරුවෙක්ද බලපිටිය ප්‍රාදේශීය සභාවට තරග කරති. ඔහුද තරග කරනුයේ ප්‍රධාන දේශපාලන පක්ෂයකිනි.

    ඊට අමතරව එංගලන්තයේ රැදී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් මෙන්ම පාතාලයේ ප්‍රබලයෙකුගේ දරුවන්ද කොළඹ මහා නගර සභාවට තරග කරන බව බුද්ධි අංශ සඳහන් කරයි.

    මෙසේ පාතාලයේ සහ මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් මෙන්ම වෙනත් අපරාධයන්ට සම්බන්ධ 2000කට වැඩි පිරිසක් මෙවර දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් වලින් තරග කරන බව බුද්ධි අංශ සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img