fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්බිඳ වැටුණු කෝටි 06යේ සිහිනය

    බිඳ වැටුණු කෝටි 06යේ සිහිනය

    රුපියල් කෝටි 06 කට වාලම්පුරියක් අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    හැටන් පොලිස් වසමේ ගිණිගත්හේන පාරේදී කළ වැටලීමකින් මෙම සැකකරුවන් දෙදෙනා වාලම්පුරියද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් දෙදෙනා හැටන් සහ උඩුපුස්සැල්ලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඔවුන් වයස අවුරුදු 36 සහ 41 යන වයස්වල පසුවන්නන්ය.

    ව්‍යාපාරික වෙස් ගෙන විශේෂ කාර්ය බලකාය විසින් මෙම වැටලීමකර ඇත්තේ වාලම්පුරිය මිලදී ගැනීමට සූදානමින් සිටි ගැණුම්කරුවන් ලෙස පෙනී සිටිමිනි.

    විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්.එන්. ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීම යටතේ ප්‍රදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි ඩබි,සී ඒ .එස් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ කදවුරේ අණදෙන නිළධාරි පොලිස් පරීක්ෂක ජී.යු.සමරසිංහ ගෙ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක යූ.එස්. උදය කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.