තවත්
    මුල් පිටුවදේශීය පුවත්එස්.ටී.එෆ්. නිලධාරීන් 02ක් කුඩුත් එක්ක අල්ලයි

    එස්.ටී.එෆ්. නිලධාරීන් 02ක් කුඩුත් එක්ක අල්ලයි

    යතුරුපැදියක නැගී මත්කුඩු බෙදාහරිමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙක් සහ විශේෂ කාර්ය බලකායේ කම්කරුවෙකුව සෙවනගල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ කාර්ය බලකායේ ගැලනිගම අධිවේගී මාර්ග කදවුරේ සේවයේ නිරත පොලිස් කොස්තාපල් ඩී.එස්. දසුන්ත නැමැති 32 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයා සහ තංගල්ල විිශේෂ කාර්ය බලකා කදවුරට අනුයුක්තව සේවයකරන කම්කරුවෙක් වන ඩබ්ලිව්.ඒ.එස්. දිලූප නැමැති 37 හැවිරිදි සැකකරුවය.

    මොවුන් දෙදෙනා යතුරු පැදියක නැගී ඇඹිලිපිටිය පැත්තේ මත්කුඩු බෙදාහැරීමට රැගෙන එමින් ඇති බවට ලද තොරතුරකට අනුව සෙවනගල පොලීසියේ නිලධාරීන් ඩංඩුම හංදියේ සී07 ඇල මාර්ගයේ වේල්ල මතින් ගමන් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    කොස්තාපල්වරයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 06යි මිලි ග්‍රෑම් 30ක්ද කම්කරුවා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 140ක්ද තිබී හමුවී ඇත.

    විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ කොස්තාපල්වරයා කාලයක් තිස්සේම මත්කුඩු භාවිතාකරන අයෙක් බවය. මෙම සැකකරුවන් දෙදෙනා කාලයක් තිස්සේම මත්කුඩු බෙදාහැරීම්වල නිරතව සිටින බවද අනාවරණය වී තිබේ. පානදුර පිංවත්තෙන් ඔවුන්ට මත්කුඩු ලැබෙන බවද හෙළිවී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img