fbpx
තවත්
    මුල් පිටුවspecialතුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 20,000 ඉක්මවයි

    තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 20,000 ඉක්මවයි

    තුර්කයේ ඉකුත් සඳුදා දිනයේ ඇති වූ භූකම්පනයෙන් මරණයට පත් සංඛ්‍යාව මේවන විට විසි දහස ඉක්මවා ඇති බවට වාර්තාවේ.

    රිචටර් මාපකයේ හතයි දශම අටක ප්‍රබලත්වයක් වාර්තා වූ මෙම භූකම්පනයේ බැලපෑම් අසල්වැසි සිරියාවටද දැඩි බලපෑමක් එල්ල කළේය. ඒ අනුව භූකම්පනයෙන් තුකර්කයේ පුද්ගලයින් දාහත් දහසකට අධික පිරිසකට ජීවිත අහමිව ඇති අතර සිරියාවේ තුන් දහසකට අධික පිරසක් ජීවිතය හැරගොස් ඇති බවද බලධාරීහූ තහවුරු කලහ.

    පවති දැඩි සීත කාලගුණයද මුදා ගැනීමේ කටයුතු වට දැඩි අභියෝගයක් වී තිබුණද සහන කණ්ඩායම් තවමත් දිවි ගලවාගත් පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
    කෙසේ වෙතත් අනතුරින් මේවන විට පැය සියයට ආසන්න කාලයක් ගතව ඇති බැවින් ජීවතුන් අතර සිටින පිරිස අවම වීමේ හැකියාවක් පවතින බවද මුදා ගැනීමේ කණ්ඩායම් පෙන්වා දෙයි.
    අනතුරින් පසුව එය නිරීක්ෂණයට පැමිණි තුර්ක ජනාධිපති මෙවැනි අනතුරකට ප්‍රමාණවත් පිරිදි සූදානම් වීමක් නොතිබුණු බවට පිළිගෙන තිබූ අතර සිය බලවත් කණගාටුවද පළ කළේය.

    අනතුරින් වැඩිම ජීවිත හානියක් තුර්කයෙන් වාර්තා වුවද වැඩිම මානුෂීය බලපෑමක් වසර දහයක පමණ කාලයක් යුද ගැටුම් හේතුවෙන් පීඩාවට පත්ව සිරින සිරියානුවන්ට එල්ලවී ඇති බවද ජනාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.