ගම්පොල නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකට කඩා වැදී එහි ආරක්ෂක නිලධාරියා පුටුවක තබා ගැටගසා රුපියල් ලක්ෂ 76කට අධික මුදලක් සමඟ මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය (සී.ඩී.එම්) කොල්ලකෑ කල්ලියේ පුනුරුත්ථාපනය වූ ප්‍රබල එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සිටින බව විමර්ශන වලින් හෙළිවී තිබේ.
මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයාව අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව පොලීසිය විශ්වාස කරයි. මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයා එල්.ටී.ටී.ඊ.යේ හිටපු ඉදිරිපෙළ ක්‍රියාකාරියෙකු බව පෙනී යන බවද පොලිස් තොරතුරු සඳහන් කළේය. ඔහු කිලිනොච්චියේ පදිංචිකරුවෙක් බවට තොරතුරු මේ වන විට හෙළිවී ඇත.
මෙම කොල්ලයේ මහ මොළකරු ඇතුළු දෙදෙනෙක් මේ වන විටත් අත්අඩංගුවට ගැනීමට ගම්පොල පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විටත් සමත්ව ඇත. මෙම මහමොළකරුවා වසර 22ක් යුද හමුදා විශේෂ බලකායේ සේවයේ නිරතව සිටියෙක් බව පොලීසිය කියයි. පන්නල ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් ඔහු මේ වන විට හදවත් රෝගයෙන් පෙළෙන බැවින් ප්‍රශ්න කිරීමේදී ඒ ගැනද විශේෂ අවධානයක් යොමු කිරීමට පොලීසියට සිදුවී ඇත.