තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නුවරඑළිය සෙන්පති මැදුරේ සාදයකදී වෙඩිතැබීමක් - මන්ත්‍රීවරු තිදෙනෙකුත් ඉඳලා

    නුවරඑළිය සෙන්පති මැදුරේ සාදයකදී වෙඩිතැබීමක් – මන්ත්‍රීවරු තිදෙනෙකුත් ඉඳලා

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් සමඟ පැමිණි 30 දෙනෙකුගේ කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් නුවරඑළිය සෙන්පති මැදුරේ පැවති රාත්‍රී සාදයක් අතරතුර සිදුවූ වෙඩි පත්තුවීමක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

    මෙම වෙඩි පත්තුවීම සිදුව ඇත්තේ පසුගිය ජනවාරි 28 වෙනිදාය. එහෙත් මේ ගැන සෙන්පති මැදුරේ කළමනාකරු නුවරඑළිය පොලීස් ස්ථානයට පැමිණ පැමිණිලිකර ඇත්තේ නිදහස්දාය.

    සෙන්පති මැදුරේ කළමනාකරු පොලීසියට පවසා ඇත්තේ මේ ගැන තමා පාර්ලිමේන්තු මහලේකම්වරයාව දැනුවත් කිරීමෙන් පසු ඔහුගේ උපදෙස් මත මේ ගැන පොලීසියට පැමිණිලි කිරීමට පැමිණි බවය. මෙහිදී ඔහු මිලිමීටර් 9 වර්ගයට අයත් හිස් පතොරම් කොපු දෙකක්ද පොලීසියට ඉදිරිපත්කර තිබේ.

    සෙන්පති මැදුරේ කළමනාකරු විසින් පොලීසියට පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයාෂාන් නවනන්දන, නිමල් පියතිස්ස සහ මිලාන් ජයතිලක යන මහත්වරු ඇතුළු ඔවුන් සමඟ පැමිණි 30 දෙනෙකුගේ කණ්ඩායමක් පසුගිය ජනවාරි 28 වෙනිදා සෙන්පති මැදුරේ නවාතැන් ගෙන සිටි බවය.

    මෙදින රාත්‍රී කාලයේ ඒ අය මෙහි සාදයක් පැවැත්වූ බවද කළමනාකාරු විසින් පොලීසියට පවසා ඇත. සාදය අතර තුර වෙඩි හඩක් වැනි ශබ්ද දෙකක් ඇසුණු බවද ඔහු පොලීසියට පවසා ඇත. සාදය අවසන් වීමෙන් පසුව කළ සොයා බැලීමේදී මිලි මීටර් 9 වර්ගයේ හිස් පතොරම් කොපු දෙකක් එම ස්ථානයේ තිබී හමුවී බවත් කළමනාකරු විසින් පොලීසියට පවසා ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img