තවත්
    මුල් පිටුවදේශීය පුවත්බක්මීවැව රක්ෂිතයේ අක්කර 14ක ගංජා වගාවක්

    බක්මීවැව රක්ෂිතයේ අක්කර 14ක ගංජා වගාවක්

    පානම බක්මීවැව රක්ෂිතයේ ස්ථාන 04ක කල වැටලීම්වලින් අක්කර 14ක ගංජා වගාවක් විනාශ කිරීමට හැකිවූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    විශේෂ කාර්ය බලකායේ ශාස්ත්‍රවෙල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ මෙම වැටලීමේදී අඩි 07ත් 10ත් අතර ප්‍රමාණයකට උසට වැඩුණු ගංජා ගස් 140,000ක් පමණ ගලවා විනාශකර දැමීමට හැකිවූ බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    දින කිහිපයක් තිස්සේ කළ මෙහෙයුමකින් අනතුරුව මෙම ගංජා වගාබිම් 04 සොයා ගනිමින් විනාශ කළ බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මොණරාගල ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී බන්දුසිරි මහතාගේ මඟ පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය ශාස්ත්‍රවෙල කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩි.එම්.ආර්.එන්.කේ. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්, විශේෂ කාර්ය බලකාය ආරුගම්බේ කඳවුර හා පානම පොලිස් ස්ථානයේ නිලධාරීන් හා ඒකාබද්ධව මෙම වැටලීම සිදු කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img