තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිවරණ ක්‍රියාවලියට අලුත් බාධාවක්

    මැතිවරණ ක්‍රියාවලියට අලුත් බාධාවක්

    රාජ්‍ය ආයතන, ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වලකින්නැයි ජනාධිපතිවරයා නිකුත් කර ඇති නව නියෝගය හේතුවෙන් පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලියට බාධාවක් එල්ල වී ඇති බව වාර්තා වේ.

    මැතිවරණ කොමිසම පැවැත්වූ සෑම මැතිවරණයකදීම ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීම පසුව ඊට අවශ්‍ය මුදල් විටින් විට නිදහස් කිරීමත් සිදු කළේය.

    ඉන්ධන, බස්රථ, මුද්‍රණ වියදම් රාජ්‍ය සේවකයින් යොදා ගැනීම ඇතුළු සියලු භාණ්ඩ හා සේවාවන් මැතිවරණ කොමිසම ණය පදනම මත ලබා ගන්නා අතර මෙම නියෝගය හේතුවෙන් මැතිවරණයට බාධාවක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

    රාජ්‍ය ආයතන භාණ්ඩ හා සේවා ණය පදනම මත ලබා ගතහොත් ඊට අදාළ අදාල නිලධාරීන් ඒවාට පෞද්ගලිකව වගකිව යුතු යැයි ජනාධිපතිවරයා ඊයේ නව නියෝගයක් නිකුත් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img