තවත්
    මුල් පිටුවspecialඉන්දියාවේ පුද්ගල ආදයම්වලට බදු සහන

    ඉන්දියාවේ පුද්ගල ආදයම්වලට බදු සහන

    ඉන්දියාව විසින් එරට පුද්ගලයින්ගෙන් අයකරනු ලබන පුද්ගලික ආදායම් බදු සහන සීමාව ඉහළ දමමින් බදු සහන ලබාදීමට තීරණය කර තිබේ.

    ඒ අනුව මෙම නව බදු ප්‍රතිපත්තිය අනුව මෙතෙක් පැවති බදු අයකිරීමේ සීමාව වූ ඉන්දීය රුපියල් ලක්ෂක පහක අගය රුපියල් ලක්ෂ හත දක්වා ඉහළ නැවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යවරිය වු සීතාරාමන් පැවසුවාය.

    ඇය මේබව ප්‍රකාශ කලේ අද (1) පැවති ඇය වැය කතාව අතරතුරදීය. “මෙය නව බදු ප්‍රතිපත්තිය සියලුම බදු ගෙවන්නන්ට විශාල සහනයක් ලබා දෙනු ඇත,” යනුවෙන්දද සීතාරාමන් අමාත්‍යවරිය සිය අයවැය කතාවේදී පැවසුවාය.

    “එක් අතකින් රුපියල් ලක්ෂ 7ක වාර්ෂික ආදායමක් දක්වා බදු ගෙවීමේ වගකීමක් නොමැති බැවින් අන්ත දෙකෙහිම බදු ගෙවන්නන් මෙමගින් දිරිමත් කෙරෙනු ඇති අතර වාර්ෂික ආදායම කෝටි 5ට වැඩි පුද්ගලයිනේ බදු අයකිරීම් ප්‍රතිශතය සියයට 37 සිට සියයට 25 දක්වා අඩු කර ඇත.” ලෙසද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

    මෙහිදී ඉන්දියාවේ රුපියල් ලක්ෂ 9ක වාර්ෂික ආදායමක් ඇති අයෙකු රුපියල් හතලිස් පන්දහසක් ආදායම් බද්ද ලෙස ගෙවිය යුතු අතර රුපියල් ලක්ෂ 15ක ආදායමක් ඇති අය රුපියල් එක් ලක්ෂ පනස් දහසක් හෙවත් තම ආදායමෙන් සියයට 10ක් බදු ලෙස ගෙවන බවද ඇය පැවසුවාය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img