තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැලණිය සරසවි සිසුන්ට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

    කැලණිය සරසවි සිසුන්ට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

    ශිෂ්‍ය මර්ධනයට එරෙහිව කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ සිසුන් විරෝධය විසුරුවා හැරීමට පොලිසිය අද ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

    දහසක පමණ සිසුන් පිරිසක් මෙම විරෝධයට එක්ව සිටිය අතර පොලීසිය ඔවුන්ට ජල ප්‍රහාරයක් එල්ලකරනු ලැබුවේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට විරෝධතා දක්වමින් සිසුන් පැමිණිමත් සමගිනි.

    ප්‍රධාන මාර්ගයට ඇතුළු නොවී ඇති තරම් විරෝධය දක්වන ලෙස මෙහිදී පොලීසිය සිසුන්ට දැනුම් දුන් අතර ජල ප්‍රහාර හමුවේ විශ්ව විද්‍යාල පිවිසුම් මාර්ගයට ගොස් විරෝධතාවයේ තවදුරටත් නිරත වන බව එහි සිටින අප වාර්තාකරුවන් සඳහන් කළේය.

    උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ සිසුන් ප්‍රධාන මාර්ගයෙන් ඉවත්වීමත් සමඟ ජල ප්‍රහාර එල්ලකිරීම නතර කළ බවත් කදුළු ගෑස් හෝ බැටන් ප්‍රහාර එල්ලකිරීමට කිසිදු අවශ්‍යතාවක් පැන නොගත් බවත්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img