තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුංචි ඡන්දයේ ගැසට් නිකුත් කෙරේ

    පුංචි ඡන්දයේ ගැසට් නිකුත් කෙරේ

    ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍ර නිකුත් කර තිබේ.

    මැතිිවරණ කොමිසම විසින් එම ගැසට් පත්‍ර නිකුත් කර ඇත.

    ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්වලට අදාළ පළාත් පාලන ආයතන සඳහා ලබන මාර්තු 09 වැනිදා පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන බව ද ගැසට් නිවේදනවල දක්වා ඇත.

    එම සියලුම ගැසට් පත්‍ර 👉මෙතැනින්👈 ලබාගත හැකිය.

    මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් 80720 දෙනකු තරඟ කරති.

    ඒ දේශපාලන පක්ෂ 58ක් සහ ස්වාධීන කණ්ඩායම් 329කිනි.

    මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සහ කල්මුනේ නගර සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන 339 සඳහා එම මැතිවරණය පැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img