තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිවරණ කොමිසමෙන් චාල්ස් ඉවත් වී නෑ!

    මැතිවරණ කොමිසමෙන් චාල්ස් ඉවත් වී නෑ!

    මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් පී.එස්.එම්.චාල්ස් මහත්මිය ඉවත් වී නැතැයි මැතිවරණ කොමිෂන් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනයක් අද (31) මුද්‍රණයට යවා තිබෙන අතර ඊට චාල්ස් මහත්මිය ද අත්සන යොදා තිබේ.

    තරුණ ඡන්ද සම්බන්ධ තොරතුරු ඇතුළත් එම ගැසට් නිවේදනයට චාල්ස් මහත්මිය අත්සන් තැබූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාද තහවුරු කළේය.

    චාල්ස් මහත්මිය මැතිවරණ කොමිෂමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ බවට ඉකුත් දා මාධ්‍ය වාර්තා පළවූ අතර ඇය එදින සිට මැතිවරණ කොමිසමට කටයුතුවලට සහභාගී නොවූ බවද වාර්තා විය.

    කෙසේ වෙතත් චාල්ස් මහත්මිය අද මැතිවරණ කොමිසමේ ගැසට් නිවේදනයට අත්සන් තැබූ හෙයින් ඇය තවදුරටත් කොමිසමේ සාමාජිකත්වය දරන බවද මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මැතිවරණ කොමිසමේ නිලධාරියකු චාල්ස් මහත්මිය මහත්මියගේ නිවසට ගොස් එම ගැසට් නිවේදනයට අත්සන ලබාගෙන ඇතැයි ද වාර්තා වෙයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img