තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ වරාය පැයට අක්‍රිය වෙයි!

    කොළඹ වරාය පැයට අක්‍රිය වෙයි!

    කොළඹ වරායේ සියළු සේවකයින් අද(30) පැයක කාලයක් සිය සේවාවලින් ඉවත්ව උද්ඝෝෂණයක නිරතවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති පවසයි.

    ඒ රජය විසින් හඳුන්වා දුන් බදු සංශෝධනවලට විරෝධය පළ කරමිනි.

    අද දින දහවල් 12.00 සිට 1.00 දක්වා වරායේ කිසිදු කටයුත්තක් සිදු නොවන බව ඔවුහු පවසති.

    අද පැවැත්වෙන විරෝධතාව ඉදිරියේදී සමස්ත වරාය වැඩවර්ජනයක් දක්වා යාමට ඉඩ තිබෙන බවද එම සංගමය කීය.

    පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාමාර්ගයට රජය දක්වන ප්‍රතිචාර අනුව සිය ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කරන බවය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img