තවත්
    මුල් පිටුවspecialපාකිස්ථානයේ බස් රථ අනතුරකින් 41ක් මරුට

    පාකිස්ථානයේ බස් රථ අනතුරකින් 41ක් මරුට

    දකුණු පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ බස් රථයක් ප්‍රපාතයකට වැටී ගිනි ගැනීමෙන් 40 කට අධික පිරිසක් මිය ගිය බව බලධාරීහු පවසති.

    සුන්බුන් අතරින් මළ සිරුරු හතළිස් එකක් මේවන විට සොයාගෙන ඇති අතර ඇතැම් සිරුරු හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බව දිස්ත්‍රික් පොලිස් නිලධාරි ඉස්රාර් උම්රානි රොයිටර් පුවත් සේවයට පැවසීය.

    පුද්ගලයන් 48 දෙනෙකු පමණ රැගත් බස් රථයක් බලුකිස්තානයේ ක්වෙටා අගනුවර සිට දකුණුදිග නගරය වන කරච්චි වෙත යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව බලධාරීහු පවසති.

    බලුකිස්තානයේ දිස්ත්‍රික්කයක් වන ලස්බෙලා හි සහකාර කොමසාරිස් හම්සා අන්ජුම් ඩෝන් පුවත්පතට පැවසුවේ වාහනය පාලමක ගැටී එය මිටියාවතකට වැටී ගිනි ගැනීමට හේතු වූ බවයි.

    මාරක රිය අනතුරු පාකිස්තානයේ බහුලව දක්නට ලැබෙන අතර, මාර්ග නීති රීති අනුගමනය කරන්නේ කලාතුරකිනි, බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග දුර්වල තත්ත්වයක පවතී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img