තවත්
    මුල් පිටුවspecialඅදානිට පැය 48කදී බිලියන 20ක් අහිමි වෙයි

    අදානිට පැය 48කදී බිලියන 20ක් අහිමි වෙයි

    ඉන්දියාවේ සහ ආසියාවේ ධනවත්ම පුද්ගලයා වූ ගෞතම් ආදානිගේ වත්කම් පැය 48ක කාලයක් තුල ඇමරිකානු ඩොලර් බිලියන 20කින් පහළ ගොස් ඇති බවට වාර්තාවේ.

    ඇමරිකා එක්සත් ජනපද අයෝජන සමාගමක් විසින් ආදානි සමාගම විසින් වංචා සහගත ලෙස සිය ව්‍යාපාර කටයුතු කර ඇති බවට චෝදනා කිරීමත් සමඟ අදානි සමූහයේ කොටස් මිල සීඝ්‍රෙයන් පහල බැස තිබේ.

    ඒ අනුව උද්ගතවී ඇති තත්ත්වයත් සමඟ අදානි සමූහය විසින් අදාල එක්සත් ජනපද සමාගම විසින් එල්ල කළ චෝදනාව ව්‍යාජ සහ ද්වේශසහගත බවට ප්‍රකාශකර තිබුනද සමාගමට අත්වූ බලපෑම ව්‍යාර්ථ කිරීමට හැකියවී නොමැත.

    ආදානි සමූහයට වංචා චෝදනා එල්ලවීමත් සමඟම ඉන්දියාවේ විරුද්ධ පක්ෂය විසින් ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙසටද ඉල්ලා තිබේ.
    කෙසේවෙතත් මේවන විට ආදානි සමූහයට වෙළෙඳපොළ වටිනාකමින් ඇමරිකා ඩොලර් බිලියන 50ක පමණ ප්‍රමාණයන් අහිමිවී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

    අදානි සමූහයේ ප්‍රමුඛතම ආයතනයක් වන ආදානි එන්ටර්ප්‍රයිසස් හි කොටස් සිකුරාදා දිනයේ සියයට 20 කින් පමණ පහත වැටුණු අතර, සමූහයේ අනෙකුත් ප්‍රසිද්ධියේ ලැයිස්තුගත කර ඇති සමහර සමාගම් හි කොටස් වල වටිනාකම් ඊටත් වඩා පහත වැටුණු අතර, මේත සමගම මුම්බායි හි කොටස් වෙළෙඳ පොලේ කටයුත වෙළඳාම් ස්වයංක්‍රීයව නතර වූ බවට වාර්තාවිය.

    ඒ අනුව ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම ඩොලර් බිලියන 96කට වඩා පවත්වා ගනිමින් අදානි විසින් ෆෝබ්ස් හි ධනවත්ම ලැයිස්තුවේ හත්වන ස්ථානය දක්වා පහත වැටී ඇති අතර මීට පෙර ඔහු ලොව තුන්වන ධනවත්ම පුද්ගලයාගේ ලෙස නම්කර තිබිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img