fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රංගෙ බණ්ඩාරට හොරට ඉඩමක් විකුණා ලක්ෂ 225ක් වංචා කළ අයෙක් අල්ලයි

    රංගෙ බණ්ඩාරට හොරට ඉඩමක් විකුණා ලක්ෂ 225ක් වංචා කළ අයෙක් අල්ලයි

    එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතාට පුත්තලම මදුරන්කුලිය උණාවේලි වත්තේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කර අලෙවි කිරීමකට සම්බන්ධ තවත් සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    පුත්තලම කොන්තන්තිවු සිනනපාඩුවේ පදිංචිකරුවෙක් වන ග්‍රේබ්‍රියල් ප්‍රනාන්දු (60) නැමැති අයව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    උණාවේලි වත්තේ අක්කර 05 බැගින් වූ කොටස් තුනක් සඳහා ව්‍යාජ ඔප්පු සකස්කර රංගෙ බණ්ඩාර මහතාට අලෙවි කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ ගැන රංගෙ බණ්ඩාර මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්හන පවත්වා මුලින්ම පසුගිය වසරේ නොවැම්බර් 30 වෙනිදා සින්නපාඩුවේ පදිංචි පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

    අනතුරුව දෙසැම්බර් 21 වෙනිදා මෙම වංචාවට සම්බන්ධ මධ්‍යම පරිසර අධිකාරියේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක්වද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය. ඔහු මාලඹේ පදිංචිකරුවෙකි.

    රංගෙ බණ්ඩාර මහතාට මෙම ඉඩම විකිණිමට පෙර මෙම ඉඩමෙන් අක්කර විස්සක් සඳහා ඔප්පු සකස් කර පෞද්ගලික බැංකුවකට උකස්කර ලක්ෂ 47ක මුදලක් ද වංචාවෙන් ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය විමර්ශනවලින් හෙළිකරගෙන තිබුණි. එම ඉඩමෙන් මෙසේ අක්කර 15ක කොටසක් ව්‍යාජ ඔප්පුවක් සකස්කර අලෙවිකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.