fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අඹුසැමි යුවලට මරු කැදවූ ඉඩම් ආරවුල

    අඹුසැමි යුවලට මරු කැදවූ ඉඩම් ආරවුල

    පර්චස් 40 ක ඉඩමක් සම්බන්ධයෙන් ඥාතීන් දෙපිරිසක් අතර පැවති ආරවුලක් දුරදිග ගොස් අඹුසැමි යුවලක් ඊයේ ඝාතනය වී තිබේ.

    අම්බලන්තොට රුහුණු රිදියාගම, බෝලානේ පදිංචිව සිටි ඩබ්ලිව්.ඒ. සුනිල් (65) සහ එච්.එම්. කුසුමලතා (62) යන දෙදෙනාව මෙසේ ඝාතනය වී ඇත.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඝාතනය වූ පුද්ගලයාගේ නැගණියගේ සැමියා විසින් මෙම අපරාධය කර ඇති අතර ඔහුව පොලීසිය අත්අඅඩංගුවට ගෙන තිබේ.

    එන්.ඩී. ප්‍රේමසිරි (66) නැමැති ඔහු අම්බලන්තොට තවාලුවිල බෙලිගාග්ගොඩ පදිංචිකරුවෙකි.

    ඝාතනයට ලක්වූ යුවල පදිංචි නිවසට යාබදව ඔහුට අයත් ඉඩමක් ඇති බව පොලීසිය කියයි. පර්චස් 40ක් පමණක් වන එම ඉඩමේ පොල් ගස් කිහිපයක්ද වවා ඇති බව පොලීසිය කියයි.

    මෙම ඉඩම සම්බන්ධයෙන් පවුල් දෙක අතර දීර්ඝ කාලයක් තිස්සේ ආරවුල් ඇති බව පොලීසිය කියයි.

    දෙපාර්ශවයෙන්ම මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලිද නිතරම ලැබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    පොලීසියට දෙපාර්ශවයව හැම විටම සමාදානකර ඇති බවද එම නිලධාරියා කීය.

    සැකකරු ඊයේ උදෑසන තමාට අයත් ඉඩම් කොටසේ ඇති ගස්වල පොල් කැඩීමට පැමිණි අවස්ථාවේදී ඝාතනයට ලක්වූ කාන්තාව ඔහුට බැන වදිමින් ගැටුමකට මුල පුරා ඇති බවත් එහිදී ඔහු එම කාන්තාවටත් ඇගේ සැමියාටත් කැත්තකින් කොටා පළාගොස් ඇති බවත් පොලීසිය කියයි.

    මෙම සැකකරු සිය නිවසට ගොස් ලේ තැවුරුණු ඇතුම් ගලවා ඒවා වලවේ ලඟට විසිකර දිය නා පිරිසිදු වී ගමේ නිවසකට ගොස් තමා කැත්තකින් සිය මස්සිනාට සහ නෑනාට කෙටූ බව පවසා තිබේ.

    එම පුද්ගලයා ඒ බව දහවල් 11.30ට පමණ අම්බලන්තොට පොලීසියට දුරකතන ඇමතුමක් ලබාදී පවසා ඇත. ඒ වන විට එම ද්විත්ව ඝාතනය ගැන කිසිවක් පොලීසිය දැන සිට නැත.

    වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා තමාට ලද එම නිර්නාමික දුරකතන ඇමතුම ඔස්සේ මෙම අපරාධය සිදුව ඇති නිවස සොයා යමින් සිටියදී නිවසට යන මාර්ගය විමසා ඇත්තේද සැකකරුගෙනි.

    එහිදී මාර්ගයේ රැදී සිටි අයෙක් මෙම පුද්ගලයා දෙස බලා පොලිස් නිලධාරීන් වෙත සංඥාවක්කරමින් “මිනිහා එයා තමයි“ යැයි කියා ඇති වත් ඒ අනුව ඔහුව ජිප් රථයේ නන්වාගෙන අදාල ස්ථානයට රැගෙන ගොස් තිබෙන බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

    ඒ යන අතරතුර ඔහු සියල්ල පැවසා ඇති බව ද පොලිස් තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.