තවත්
    මුල් පිටුවspecialජපාන-කොරියානු මුහුදේ නැවක් ගිලෙයි

    ජපාන-කොරියානු මුහුදේ නැවක් ගිලෙයි

    මැලේසියාවේ ක්ලැන්ග් වරායෙන් පිටත් වී දකුණු කොරියාවේ ඉන්චියොන් වරාය වෙත දියත්වූ දැව ප්‍රවාහනය කළ නෞකාවක් අද (25) අලුයම කොරියාව සහ ජපානය අතර මුහුදේ ගිලී අනතුරට පත්ව ඇත.

    හොංකොං හි ලියාපදිංචි මෙම නෞකාව ජපානයේ නාගසාකි සිට කිලෝමීටර් 160 ක් (සැතපුම් 100 ක්) නිරිත දෙසින් සහ දකුණු කොරියාවේ ජෙජු දූපතට කිලෝමීටර් 150 ක් (සැතපුම් 93 ක්) දකුණින් ගිලී ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

    මෙසේ අනතුරටපත් නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ විසි දෙදෙනාගෙන් 14 දෙනෙකු ජපාන සහ දකුණු කොරියානු වෙරළාරක්ෂක යාත්‍රා මගින් බේරා ගෙන ඇතත්, එසේ බේරාගත් 9 දෙනෙකු තවමත් සිහිසුන් තත්ත්වයෙන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව කොරියානු බලධාරිහු පවසති.ප්‍රතිකාර සඳහා ඔවුන් ගුවන් මගින් ජපානයට රැගෙන ගොස් ඇත.

    දකුණු කොරියානු සහ ජපාන වෙරළාරක්ෂක යාත්‍රා සහ ගුවන් යානා මෙන්ම වාණිජ භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් අට දෙනා සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදු කරයි.

    ටොන් 6,551ක් බරැති ජින් ටියැන් නෞකාව රාත්‍රී 11.15ට පමණ ආපදා ඇමතුමක් එවා පැය තුනහමාරකට පමණ පසු ගිලී ඇත.

    දකුණු කොරියානු සහ ජපාන නිලධාරීන්ට අනුව, කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු චීන ජාතිකයින් වන අතර 8 දෙනෙකු මියන්මාරයෙන් පැමිණ ඇත. සමුද්‍රීය ප්‍රවාහන වෙබ් අඩවි වලට අනුව, යාත්‍රාව දෙසැම්බර් 3 වන දින මැලේසියාවේ ක්ලැන්ග් වරායෙන් පිටත් වී දකුණු කොරියාවේ ඉන්චියොන් වරාය වෙත දියත්ව තිබිණි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img