තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලී අනුපාත ගැන මහබැංකුව ගත් තීරණය

    පොලී අනුපාත ගැන මහබැංකුව ගත් තීරණය

    දැනට පවතින ප‍්‍රතිපත්තිමය පොලී අනුපාත පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබේ.

    ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ(24) පැවති රැස්වීමේදී ය.

    ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 14.50% සහ 15.50% දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර ඇත.

    දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික පෙරමුනුවල මෑතකාලීන හා අපේක්ෂිත වර්ධනයන් සහ ප්‍රක්ෂේපණයන් මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

    උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා මුදල් කොන්දේසි ප්‍රමාණවත් ලෙස තදින් පවතින බව සහතික කිරීම සඳහා පවතින දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව එහි අදහස විය.

    දැඩි මූල්‍ය ප්‍රතිපත්තියත් සමඟ එවැනි දැඩි මූල්‍ය තත්ත්වයන් උද්ධමන අපේක්ෂාවන් පහළට දැමීමට අපේක්ෂා කෙරේ.

    2023 අවසානය වන විට උද්ධමන අනුපාත අපේක්ෂිත මට්ටම් කරා ගෙන ඒමට මහ බැංකුවට හැකි වන අතර එමඟින් මධ්‍ය කාලීනව ආර්ථික හා මිල ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් රෛන බව මහබැංකුව පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img