තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුංචි ඡන්දයට පොලීසියේ සූදානම

    පුංචි ඡන්දයට පොලීසියේ සූදානම

    පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිවයිනපුරා පොලිස් ස්ථාන 609 යේම මේ වන විට මැතිවරණයට අදාල සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීමට සහ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට මැතිවරණ ඒකක ස්ථාපිත කර තිබේ.

    එම ඒකකවලට ස්ථානාධිපතිවරුන්ද පත්කර ඇත.

    පොලිස් ස්ථාන මට්ටමින් ක්‍රියාත්මක මැතිවරණ ඒකක වලට අමතරව දිවයිනේ ඇති සෑම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයකත් පොලිස් අධිකාරී කාර්යාලවලත් විශේෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාල ස්ථාපිත කර තිබේ.

    මෙම මැතිවරණ ඒකක සහ මෙහෙයුම් මැදිරි සම්බන්ධීකරණය කරනු ලබන්නේ පොලිස් මූලස්ථානයේ ස්ථාපිතකර ඇති පොලිස් මැතිවරණ මහ ලේකම් කාර්යාලය මගිනි.

    පොලිස් මැතිවරණ මහා ලේකම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාව පොලිස්පතිවරයා විසින් මේ වන විටත් පත්කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img