තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි බිල වැඩිකරන යෝජනා ගැන PUCSL ගත් තීරණය

    විදුලි බිල වැඩිකරන යෝජනා ගැන PUCSL ගත් තීරණය

    2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩල ගාස්තු යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබේ.

    මීට අමතරව අතුරු ගාස්තු පිළිබඳ කැබිනට් ඉල්ලීම අතීතයේ සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිමය මතය විමසීමට ද මහජන උපයෝගිතා කොමිසම තීරණයකට එළැඹ ඇති බව එහි සභාපති ජානක රත්නායක මහතා ප්‍රකාශ කළේය.

    2023 ජනවාරි 09 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවලිය සලකා බලන ලදී.

    රටේ පවතින මූල්‍ය තත්ත්වය මත ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බවත්, එබැවින් අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා පවතින විදුලි ගාස්තු සංශෝධනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් නිරීක්ෂණය කරන ලදී.

    විදුලි පාරිභෝගිකයින්ට වන බලපෑම හැකිතාක් අවම කරමින් මෙම යෝජිත ගාස්තු ක්‍රියාත්මක කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුවී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img