තවත්
    මුල් පිටුවspecialහඳ‍ේ ඇවිද්ද දෙවැන්නා 93 වැනි උපන්දිනේ දා විවාහ වෙයි

    හඳ‍ේ ඇවිද්ද දෙවැන්නා 93 වැනි උපන්දිනේ දා විවාහ වෙයි

    ඇමරිකා එක්සත් ජනපදයේ ගගනගාමියෙකු වන සහ සද මත පා තැබූ දෙවන තැනැත්තා වන බස් ඕල්ඩ්‍රීන් සිය 93 වැනි ජන්ම දිනයේදී යලිත් විවාහ දිවියට පත්ව තිබේ.

    ඒ අනුව ඔහු විවාහ වූ සිව්වන අවස්තාව මෙය වන අතර ඔහු රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති 63 හැවිරිදි ආචාර්ය ෆෝර් සමඟ විවාහ වී ඇත. ඇය ඕල්ඩ්‍රින්ගේ සමාගම වන බස් ඕල්ඩ්‍රීන් වෙන්චර්ස් හි විධායක උප සභාපතිවරිය ලෙස කටයුතු කරන්නීය.
    සිය විවාහය සම්බන්ධයෙන් ඕල්ඩ්‍රීන් පවසා ඇත්තේ මෙම විවාහය නව යොවුන් වියේ යුවලක් නිවසට නොදන්වා හොර රහසේ විවාහ වීමකදී ඇතිවන හැඟීමට සමාන ඇත්දැකීමක් බවයි.

    “මගේ 93 වැනි උපන්දිනයේදී සහ ලිවිං ගුවන් ක්ෂේත්‍රෙය් ජීවමාන පුරාවෘතය ලෙසින් නම් කෙරෙන අවස්ථාවේ මගේ දිගුකාලීන පෙම්වතිය වන ආචාර්ය ඇන්කා ෆෝර් සහ මම විවාහ වූ බව ප්‍රකාශ කිරීමට මම සතුටු වෙමි,” යනුවෙන් ඕල්ඩ්‍රීන් ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේය.

    සද මත පාතැබූ පුද්ගලයින්ගෙන් මේවන විට ජීවතුන් අතර සිටින්නේ ඕල්ඩ්‍රීන් පමණි. ඔහු 1969 දී සඳ ගමන් සිදුකළ ඇපලෝ 11 අභ්‍යවකාශ යානයේ නියමුවා ලෙස කටයුතු කළ අතර, මෙහෙයුමේ අණදෙන නිලධාරී නීල් ආම්ස්ට්‍රෝංගෙන් පසු සඳ මත ඇවිද ගිය පළමු පුද්ගලයා බවටද පත්විය.

    1969 දී බස් ඕල්ඩ්‍රින් ඇපලෝ 11 මෙහෙයුමට සූදානමින්
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img