තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවේ ණය ගැන ඉන්දියාවෙන් IMF වෙත කොළ එළියක්

    ශ්‍රී ලංකාවේ ණය ගැන ඉන්දියාවෙන් IMF වෙත කොළ එළියක්

    ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට මග හෙළිකිරීම සඳහා ඉන්දියාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) වෙත සිය මූල්‍ය සහතික ලබා දුන් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යඑස් ජයිශංකර් අද කොළඹදී පැවසීය.

    මේ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ණයහිමියන් ක්‍රියාශීලී පියවර ගත යුතු බව ඉන්දියාවට දැඩි ලෙස හැඟී ගිය බැවින් මෙම පියවරට එළඹි බව හෙතෙම කියාසිටියේ අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඉදිරියේ සිය ප්‍රකාශය කරමිනි.

    “ඉන්දියාව තීරණය කළේ අන් අය ගැන බලා නොසිට අප නිවැරදි යැයි විශ්වාස කරන දේ කිරීමටයි. ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති මග පැහැදිලි කිරීම සඳහා අපි IMF වෙත මූල්‍ය සහතික ලබා දුන්නා. අපගේ අපේක්ෂාව වන්නේ මෙය ශ්‍රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කරනවා පමණක් නොව සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සමානව කටයුතු කිරීම සහතික කිරීමයි.” යැයි ජයශංකර් මහතා කියාසිටියේය

    “අපගේ අපේක්ෂාව වන්නේ මෙහිදී ශ්‍රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කිරීම පමණක් නොවේ. නමුත් සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සමානව කටයුතු කරන බවට සහතික විය යුතු බවයි. අද මම මෙහි පැමිණ සිටීම ඉන්දීය අගමැති මෝදිගේ ‘අසල්වැසියා පළමුව’ සඳහා වූ කැපවීම පිළිබඳ ප්‍රකාශයක්. මෙම අවශ්‍යම මොහොතේදී අපි ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින අතරම ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින අභියෝග ජය ගන්නා බවට අපිට විශ්වාසයි.” යැයි ද හෙතෙම කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img