fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ ප්‍රදේශ ගණනාවකට හෙට පැය 9ක් වතුර නෑ

    කොළඹ ප්‍රදේශ ගණනාවකට හෙට පැය 9ක් වතුර නෑ

    හෙට(21- සෙනසුරාදා) දින පෙ.ව.11.00 සිට ප.ව. 8.00 දක්වා පැය 09ක කාලයක් සඳහා කොළඹ පහත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

    ඒ විදුලි බල මණ්ඩලය විසින් සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ තුළුමං පොම්පාගාරය වෙත විදුලිය සැපයීම අත්හිටුවන බැවිනි.

    ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ,
    කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශයි.

    මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර, අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ඉල්ලා සිටි.

    මේ පිළිබඳ 1939 යන කෙටි දුරකතන අංකය ඔස්සේ විමසීම් කළ හැකිය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.