තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ විභාගයට ඉන්න සිසුන්ට විශේෂ දැනුම්දීමක්

    උසස් පෙළ විභාගයට ඉන්න සිසුන්ට විශේෂ දැනුම්දීමක්

    උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් අන්තර්ජාලය ඔස්සේ විභාග කාලසටහන ලබා ගන්නේ නම් විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙන් පමණක් ලබා ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    උසස් පෙළ විභාගයට විෂයන් 65ක් පමණ පවතී. ඉන් සාමාන්‍ය විෂයන් 63ක් සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ ඉංග්‍රීසි යන විෂයයන් ය.

    ඒ සඳහා දින 22ක් පුරා විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් (පාලන, විමර්ශන, පර්යේෂ හා සංවර්ධන) ගයාත්‍රි අබේගුණසේකර මහත්මිය කියා සිටී.

    විභාග කාලසටහන සකස් කර ඇත්තේ විෂයන් දෙකක් අතර දිනක දෙකක පමණ පරතරයක් තිබෙන අයුරිනි.

    ඉදිරියේ දී පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයට සියල්ල සූදානම් බව ද එම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.

    අ.පො.ස උසස් පෙළ විභාගය ලබන 23වෙනිදා සිට පෙබරවාරි මස 17වෙනිදා දක්වා පැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img