තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'සාකුන්තලය'ට වූ දේ..

    ‘සාකුන්තලය’ට වූ දේ..

    බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටරියේ අද (16) වේදිකාගත කිරීමට නියමිතව තිබුණු “සාකුන්තලය“ වේදිකා නාට්‍යයේ නළු නිළියන්ගේ නාට්‍ය ඇදුම් හා ආයිත්තම් අඩංගු බෑගයක් සොරාගැනීමකට ලක්ව තිබීම හේතුවෙන් දින නියමයක් නොමැතිව නාට්‍ය ප්‍රදර්ශනය කිරීම කල්දැමීමට නිෂ්පාදක මණ්ඩලයට සිදුව තිබේ.

    මෙම සොරකම සිදුව ඇත්තේ ඊයේ (15) සවස 3.30ට පමණ “ඊඩ්පස්“ නාට්‍ය වේදිකාගත වෙමින් තිබියදී නාමෙල් මාලිනී පුංචි තියටරියේදීය.

    මේ සම්බන්ධයෙන් නාට්‍ය නිෂ්පාදකයින් බොරැල්ල පොලිසීයට පැමිණිල්ලක්ද කර තිබේ.

    CCTTV දර්ශන ඔස්සේ පෙනී ගිය පරිදි සැකකරු බෑගය රැගෙන ගිය අයුරු

    නාමෙල් මාලිනී පුංචි තියටරියේ සහ ඒ අවට වෙළද ආයතනවල ඇති ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ පුද්ගලයෙකු විසින් රංග වස්ත්‍ර හා රංග භාණ්ඩ බහා තිබුණු බෑගය රැගෙන යන අයුරුය.

    එම පුද්ගලයා එම බෑගය රැගෙන ගමන්කර ඇත්තේ නාමෙල් මාලිනී පුංචි තියටරිය දෙස සිට රාජගිරිය දෙසට ප්‍රධාන මාර්ගය ඔස්සේය. මද දුරක් ඉදිරියට ගමන්කර ඇෆෙයාෆිල් උද්‍යානය පාර ඔස්සේ වනාතමුල්ල දෙසටය.

    බොරැල්ල සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණය ඔස්සේ ඔහු සහසපුර නිවාස සංකීර්ණය දෙසට ගමන්කර ඇති බවද බොරැල්ල පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    මෙම බෑගය සොරාගත් පුද්ගලයා බොහෝ විට මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින අයෙක් බව පොලීසිය සැකකරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img