තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලී මෝල් හිමිකරුට පත්තු වූ වෙඩිල්ලට හේතුව කාන්තාවක්!

    ලී මෝල් හිමිකරුට පත්තු වූ වෙඩිල්ලට හේතුව කාන්තාවක්!

    හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ලී මෝල් හිමිකරුවෙකුට ගෝනපොළ කුඹුක පංසල් කන්දේදී අද (16) අලුයම එල්ලවුණු වෙඩි ප්‍රහාරය කාන්තාවක් සම්බන්ධයෙන් වූ පුද්ගලික ආරවුලක් මත සිදුවූවක් බව විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් විසින් හෙළිකරගෙන ඇත.

    යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විසින් මෝටර් රථය හඹාගෙන විත් එය නතරකර මෙම වෙඩි තැබීම කර තිබේ.

    පානදුර කෙසෙල්වත්තේ හොරේතුඩුවේ පදිංචිකරුවෙක් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. වෙඩිල්ල වැදී ඇත්තේ ඔහුගේ ගෙලට ය. මේ වන විට ඔහු හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    පොකුණ විට සිට ගෝනපොල දෙසට ඔහු ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ඔහු ලක්ව තිබේ.

    මෝටර් රථය කුඹුන පන්සල හන්දියට කිට්ටුවනවාත් සමඟ ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථයට පිටුපසින් පැමිණි යතුරු පැදියක් මෝටර් රථය ඉස්සර කරමින් එය නතරකරන ලෙසට සංඥාවක් කර ඇත.

    ඒ අනුව මෝටර් රථය නතර කරන විට රථයේ පිටුපස රෝදයේ කම්බියක් ඇමිනී ඇතැයි යතුරුපැදිකරු ඔහුට පවසා තිබේ.

    ඒ අනුව රථයෙන් බිමට බැස පිටුපස රෝදය පරීක්ෂාකර නැවත මෝටර් රථයට ඔහු ගොඩවීමට සූදානම් වීමේදී යතුරුපැදිකරු ඔහුට වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.

    වෙඩි දෙකක් ඔහුට තැබූ යතුරුපැදිකරු පළාගොස් ඇති අතර එය පාතාලයෙන් සිදුවූවක් නොවන බව පොලීසිය තහවුරුකරගෙන තිබේ.

    මෙම ලී මොල් හිමිකරු අවිවහාකයෙක් වන අතර ඔහු විසින් ඇසුරුකරන කාන්තාවකගේ පාර්ශවයෙන් මෙම වෙඩි තැබීම කර ඇති බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img