fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති මැදුර අල්ලන්න ගිහින් හිසට හානි වූ අරගලකරු මියයයි

    ජනපති මැදුර අල්ලන්න ගිහින් හිසට හානි වූ අරගලකරු මියයයි

    කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත්කර ගැනීමට පසුගිය ජුලි 09 වෙනිදා ගිය අවස්ථාවේදී හිසට බරපතල ලෙස තුවාල ලැබූ අරගලකරුවෙක් ඊයේ මියගොස් ඇත.

    ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    දෙවිනුවර , වැල්ලමඩම , රුහුණු සරසවි පෙදෙසේ පදිංචිව සිටි ඩබ්ලිව්. ඩී.එල්. ජයසේන (59) නැමැති හිටපු කමාන්ඩෝ සෙබලෙක් මෙසේ මියගොස් ඇත.

    ජූලි 09 වෙනිදා කොටුව ජනාධිපති මන්දිරය අත්පත්කර ගැනීමට යාමේදී ආරක්ෂක පවුරු බිද දමා ඉදිරියට ගමන් කළ අරගලකරුවන් අතර ඉදිරියෙන්ම සිටි පුද්ගලයෙක් වූයේ මොහුය. මහා බැංකුව ආසන්නයේ ඇති ගේට්ටු බිද ජනාධිපති මැදුරට ඇතුළුවීමට උත්සහ දරමින් සිටි ඔහු ඒ අසල වූ තාප්පයකට ගොඩවී සිටියදී එයින් බිමට වැටීමෙන් හිසට බරපතල හානි සිදුව තිබුණි.

    කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ හිසට ශල්‍යකර්මයක්ද කර තිබුණි.

    දීර්ඝ කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ ඔහු නිවසට ගොස් සිටියදී ඇතිවුණු සංකූලතාවයක් හේතුවෙන් නැවත දෙසැම්බර් 19 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.