fbpx
තවත්
    මුල් පිටුවCOVIDරටින් එන සංචාරකයන්ට අලුත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් වෙයි

    රටින් එන සංචාරකයන්ට අලුත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් වෙයි

    විදේශයන්ගෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් වෙත නව කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කිරීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයින් එන්නත් කාඩ්පත් ළඟ තබාගත යුතු වේ.

    එන්නත් ලබානොගත් සංචාරකයින් පැමිණීමට පැය 72කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද සංචාරක අමාත්‍යාංශය දන්වා සිටී.

    විදේශ රටවලින් මෙරටට පැමිණෙන සංචාරකයන් හරහා රට තුළ කොවිඩ් පැතිරීම වැළැක්වීමේ අරමුණින් නව කොවිඩ් සීමා ක්‍රියාත්මක ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.