තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හම්බවුණු සල්ලි ගැන ගෝඨාභයගෙන් අහන්නැයි උසාවි නියෝගයක්

    හම්බවුණු සල්ලි ගැන ගෝඨාභයගෙන් අහන්නැයි උසාවි නියෝගයක්

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ.

    අධිකරණය එම නියෝගය කර ඇත්තේ පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසය වෙත ය.

    ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් මිලියන 17.5ක මුදල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියෝග කර ඇත.

    2022 ජුලි මාසයේ පැවති මහජන විරෝධතා අතරතුර අරගලකරුවන් ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේදී එම අරගලකරුවන් මෙම මුදල එහි කාමරයක අල්මාරියක් තුළ තිබී සොයාගත් බව සඳහන් ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img