fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආබාධිත රණවිරුවන් සදාකාලික නවාතැනෙනුත් එළියට (📹 📸)

    ආබාධිත රණවිරුවන් සදාකාලික නවාතැනෙනුත් එළියට (📹 📸)

    පුනරුත්ථාපන මධ්‍යස්ථාන හා සුවසහන නිකේතනවල පුනරුත්ථාපනලාභීන් නිසි ක්‍රමවේදයකට අනුව ස්ථානගත කිරීම බව පවසමින් අත්තිඩිය මිහිඳු සෙත්මැදුර ඇතුළු ස්ථාන කිහිපයක රඳවා සිටි පූර්ණ ආබාධිත හමුදා සාමාජිකයන් එම ස්ථානවලින් ඉවත් කිරීම හා මාරු කිරීම අරඹා ඇත.

    නිවුස් වේව් වෙත දැනගැනීමට ඇති පරිදි මිහඳු සෙත් මැදුරෙන් එසේ ඉවත් කළ රණවිරුවන් 15 දෙනෙක් වසර මුලම කුරුණෑගල අභිමංසල වෙත යොමු කර තිබේ. අදාළ රණවිරුවන්ගෙන් ඇතමෙක් මෙසේ මාරු කර හරින තුරුම මිහිඳු සෙත් මැඳුරේ අඛණ්ඩව ජීවිත්විය හැකියැයි සිතා, ඔවුන්ගේ මනස එම පරිසරයට හැඩගසා තිබී ඇත.

    සදාකාලීක නවාතැන මෙයයැයි මිහිඳු සෙත් මැඳුර,අභිමංසල ඇතුළු පුනරුත්ථාපන හා සුව සහන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් යුද්ධය පැවැති කාලයේ මහජනතාව ට විශේෂ අවධානය යොමු කළේය, යුද්ධයෙන් වසර 13ක් ගතවන තැන ඒ සියල්ල කණපිට පෙරළී තිබේ.

    යුද හමුදාවේ මෙම ස්ථානගත කිරීම නියමිත ක්‍රමවේදයකට අනුව සිදුවන බව පෙන්වා දී ඇතත් මෙම මාරු කිරීම් නිසා මෙම නිකේතන සමීපයේ සිටි නෑදෑ හිත මිත්‍රාදීන්ගේ ඇල්ම බැල්ම ද පූර්ණ ආබාධිත සෙබළුන්ට අහිමිව ගොස් ඇත.

    මේ සම්බන්ධයෙන් සොයා බලා යුද හමුදාපතිවරයාගෙන් කඩිනම් විසඳුමක් ඉදිරිපත්වනු ඇතැයි පූර්ණ ආබාධිත සෙබලු රැසක් විමසිල්ලෙන් පසුවෙති.


    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    3 Comments

    1. යුද්ධයෙන් තුවාල වුනු අයට මේක අදාල වෙන්නෙ නෑ, රාජකාරියට අදාල නොවන හේතු මත ආබාධ වුනු අය තමයි කුරුණෑගල අභිමංසල 3 ට යවල තියෙන්නෙ… මෙයාලගේ පහසුවටම තමයි වැඩි අය එහෙම යවල තියෙන්නේ..

      • රැවන් සහොදරය ඔය කඋද කියල මන් දන්නෙ නැහැ.එත් ඔයා නොදන්න දෙයක් ගැනයි කියන්නෙ.අබිම්ංසල් වල ඉන්න අබාදිත රනවීරුවන් යුද්දෙන් තුවාල වෙලා ගෙවල් වල අයටත් බලාගන්න බැරි පුර්න අබාදිත රනවීරුවො.මත් එහෙම කෙනෙක්,

    2. මෙතන කලබල කරගන්න දෙයක් නැහැ. බොහොම හොදට බලන්න. යුද හමුදාව මේ කරන්නේ හොද දෙයක්. යුද්ධය නිසා ආබාදිත උන අය එක තැනකට ගේනවා. මානසික ආබාද තියන අය වෙනම් තැනකට ගේනවා. ඒ වගේ කළමණාකරණයක් කරන්නේ. එහෙම් ගේනාවාම එයාල ගැන බලන්න කොච්චර පහසුද? ඔක්කොම කලවමේ ඉන්නකොට අවශ්‍යතාවන් විවිධයි. දැන් පාලනය කරන්න රැකබලා ගන්න පහසුයි.

    Leave a Reply to ruwanCancel reply