fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උපයන විට බද්ද ගැන ලබන සතියේ චක්‍රලේඛයක්

    උපයන විට බද්ද ගැන ලබන සතියේ චක්‍රලේඛයක්

    උපයන විට බද්ධ රාජ්‍ය ආයතනවලින් ගෙවීම නතර කිරීමට අදාල උපදෙස් ඇතුළත් චක්‍රලේඛය ලබන සතියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    උපයන විට බද්ද ඒ ඒ පුද්ගලයින් ගෙවිය යුතු වන අතර ඇතැම් අර්ධ රාජ්‍ය ආයතන සහ සංස්ථා එම බද්ධ ආයතනය මඟින් ගෙවීමට කටයුතු කරන වැරදි ක්‍රමවේදයක් තිබූ බවද සියඹලාපිටිය මහතා කීය.

    වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය මත එවැනි ක්‍රමවේද නතර කළ යුතු බව ද සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.