fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රට ගොඩගන්න පුළුවන් කණ්ඩායම ඉන්නෙ මාත් එක්ක" -විපක්ෂනායක

    “රට ගොඩගන්න පුළුවන් කණ්ඩායම ඉන්නෙ මාත් එක්ක” -විපක්ෂනායක

    රට ගොඩ ගැනීමට හැකි දක්ෂ කණ්ඩායම සිටිනුයේ තමන් සමග බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
    සක්වල වැඩසටහන යටතේ 67වැනි බස් රථය රත්මලාන ලලිත් ඇතුලත්මුදලි පාසලට ලබාදීමේ උත්සවයට එක්වෙමින් හෙතම පසුගිය දා මේ බව සඳහන් කළේය.

    රට ගොඩ ගැනීමට නම් රටට වැඩ කළ හැකි, ලෝකය සමඟ සබඳතා ඇති, ජාත්‍යන්තරය සමඟ බද්ධ වූ දක්ෂ කණ්ඩායමක් අවශ්‍යයි. ඒ කණ්ඩායම ඉන්නෙ මාත් එක්ක. විපක්ෂයේ සිට පවා ඔවුන් ජනතාව වෙනුවෙන් වැඩ කර ඇති නිසා ඒ ගැන විශ්වාසය තබන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

    සමාජවාදය ගැන කයිවාරු ගසන ඇතැම් දේශපාලන කණ්ඩායම් අපහාස, මඩ ප්‍රහාර එල්ල කරන බවත් එසේ නොකර විපක්ෂයේ සිට වුව ජනතාව වෙනුවෙන් පාසල් දු දරුවන් වෙනුවෙන් මව්වරුවන් වෙනුවෙන් තරගයට වැඩ කිරීමට එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහිදී අභියෝග කළේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.