තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ATM මැෂින්වලින් මුදල් ගැරූ විදේශිකයෝ දැලේ

    ATM මැෂින්වලින් මුදල් ගැරූ විදේශිකයෝ දැලේ

    ඒ.ටී.එම්. යන්ත්‍ර හැක්කර ඒ තුළ තිබෙන මුදල් සොරා ගැනීම්වල නිරතව සිටි විදේශිකයන් දෙදෙනක් ඇතුළු සැකකරුවන් පස් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    විදේශිකයන් දෙදෙනා බල්ගේරියානු ජාතිකයන් වන අතර ඒ අයගෙන් එක් අයෙකු කැනේඩියානු පුරවැසිභාවය ලබා සිටින්නෙක් බව අනාවරණය වී ඇත.

    විදේශිකයන් හික්කඩුව, බද්දේගම සහ ගාල්ල කරාපිටියේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍ර හැක් කිරීමට ගොස් ඇත.

    මෙම විදේශිතයන්ගෙන් කැනේඩියානු පුරවැසිභාවය ලබාසිටි බල්ගේරියානු ජාතිකයා පළායාමට ගුවන්තොටුපොල වෙත ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙත් බල්ගේරියානු ජාතිකයා කිරුලපනේදී අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

    මෙම කණ්ඩායම සම්බන්ධ තවත් මෙරට පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ.ටී.එම්. යන්ත්‍ර හැක් කිරීමට යොදාගත් උපකරණය තිබී ඇත්තේ ඔවුන් අතය. එම උපකරණයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img