තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සංචාරකයින් 105 රැගත් ප්‍රංශ මගී නෞකාවක් ගාලු වරායට

    සංචාරකයින් 105 රැගත් ප්‍රංශ මගී නෞකාවක් ගාලු වරායට

    සංචාරකයින් 105 ක් සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙක්ගෙන් යුුුතු ප්‍රංශ නෞකාවක් Le Champlain අද (07) ගාලු වරායට සේන්දු විය.

    ඉන්දියාවේ කොචින් වරායේ සිට ගාල්ල බලා පැමිණි මෙම සංචාරකයන් අද රාත්‍රියේ ත්‍රිකුණාමලය බලා පිටත්ව යාමට නියමිතය.

    ශ්‍රී ලංකාවේ දින තුනක් රැදෙන මෙම සංචාරක පිරිස ආපසු ලබන 09 වැනිදා මෙරටින් පිටව යනු ඇත.

    සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත මෙම මගී නෞකාව සිය පළමු ගමන්වාරය සනිටුහන් කර ඇත්තේ 2018 ඔක්තෝබර් 25 වැනිදාය.

    ඒ ප්‍රංශයේ හොන්ෆ්ලෙයර් සිට පෘතුගාලයේ ලිස්බන් නුවර දක්වාය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img