තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උතුරේ භීතිය පතුරන්න හැදූ වට්සැප් කල්ලියක් STF එකට කොටුවෙයි

    උතුරේ භීතිය පතුරන්න හැදූ වට්සැප් කල්ලියක් STF එකට කොටුවෙයි

    ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට උතුරේ ප්‍රදේශ කිහිපයක තරුණයින් සංවිධානගත කරන වට්ස්ඇප් මගින් සංවිධානය වන කණ්ඩායමක් ගැන තොරතුරු පොලිස් විශේෂ කර්ය බලකාය විසින් හෙළිකරගෙන තිබේ.

    ඒ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ පොලිස් පරීක්ෂක ඒ.එම්.පී.එන්. අධිකාරි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගියදා(05) පුවරසන්කුලම පොලිස් වසමේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු අනුව පුවරසන්කුලම්, තට්ටන්කුලම්, සහ සෙට්ටිකුලම් යන ප්‍රදේශයන්හි ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරමින් ක්‍රියාත්මක වන Geththu Pasanga යන නාමයෙන් හැදින්වෙන Whatsapp කණ්ඩායමක් සම්බන්ධව තොරතුරු වාර්තා විය.

    ඒ අනුව වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් ඊට සම්බන්ධ වව්නියාව ප්‍රදේශයේ පදිංච් වසය අවුරුදු 18 ක් වන පුද්ගලයින් සිව් දෙනෙකු ජංගම දුරකතන 04 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුවරසන්කුලම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

    විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ඩබ්.වී.ආර්.එම්. අබේසේකර මහතාගේ මඟ පෙවන්වීම මත මෙම වැටලීම  කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img