තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රක්ෂණ මුදල් ගන්න බොරු පැමිණිල්ලක් දැමූ විදේශිකයා අතේ මාට්ටු

    රක්ෂණ මුදල් ගන්න බොරු පැමිණිල්ලක් දැමූ විදේශිකයා අතේ මාට්ටු

    මෙරට සංචාරයක් සඳහා පැමිණි හංගේරියානු ජාතිකයෙකු රක්ෂණ වන්දි ලබාගැනීමේ අරමුණින් ඔහු නවැතැන්ගෙන සිටින හෝටලයට හොරු ඇතුළු වී දේපොල සොරාගෙන ඇති බවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බව මාතර පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    මාතර මඩිහේ ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි හංගේරියානු ජාතික ජාතිකයා සුස් අක්සබා නැමැති 49 හැවිරිදි අයෙකි.

    අද දිනයේ සිය සංචාරය අවසන්කර මෙරටින් පිටව යාමට සූදානමින් සිටි ඔහු පෙරේදා (05) මාතර පොලීසියට පැමිණිල්ලක් කර ඇත්තේ තමා රැදී සිටි කාමරය බිඳ ලැප්ටොප් පරිගණකයත්, ජංගම දුරකතනයත්, අමෙරිකානු ඩොලර් 100ක මුදලකුත්, ශ්‍රී ලංකා මුදල් රුපියල් 20,000කුත් සොරාගෙන ගොස් ඇති බවය.

    මේ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භකිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ විමර්ශනයක් අනවශ්‍ය බවත් රක්ෂණ මුදල් ලබාගැනීමට පැමිණිලි පිටපතක් පමණක් ලැබුණහොත් එය ප්‍රමාණවත් බවත්ය.

    මේ ගැන සැකසිතූ පොලීසිය හෝටලයේ ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදි පෙනී ගොස් ඇත්තේ ඔහු රැදී සිටි කාමරයට පිටස්තර කිසිවෙකුත් ඒ කියන කාලය තුළ ඇතුළු වී නොමැති බවය. ඒ ගැන ප්‍රශ්න කිරීමේදී පැමිණිලිකාර විදේශිකයා තරමක් කලබල වී ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img