තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මව මරා දේපොල ගන්න හැදූ පුතා අත්අඩංගුවට

    මව මරා දේපොල ගන්න හැදූ පුතා අත්අඩංගුවට

    සිය මව ඝාතනයකර නාන කාමරයේ ඇද වැටීමකින් සිදුවූ මරරණයක් බවට පෙන්වීමට උත්සහගත් අජාසත් පුතෙකුව මාතර පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මවගේ හිසට පොල්ලකින් ගසා මුලින්ම මරා දැමීමට උත්සහ දරා තිබේ. පොලු පහරවැදී තුවාල ලැබුවත් ඇය මිය නොගිය බැවින් පුතා විසින් ඇගේ ගෙල සිරකර ඝාතනයකර ඇති බව පොලීසිය කියයි. අනතුරුව ඇගේ මළ සිරුර නාන කාමරයට රැගෙන ගොස් එහි තබා නානකාමරයේ ඇද වැටීමකින් සිදුවූ මරණයක් බව පෙන්වීමට උත්සහ දරා තිබේ.

    මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ෆාතිමා ශරිතා නැමැති මාතර අරලිය මාවතේ පදිංචිකාරියකි. ඇය 59 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියකි.

    ඇයව මෙසේ ඝාතනයකර ඇත්තේ මොහොමඩ් මස්රිෆාසිස් නැමැති 35 හැවිරිදි පුතා විසිනි. එම මව මෙම පුතාව දරුකමට හදාගෙන ඇති අයෙක් බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    ඔහු විවහා වී කොළඹ දෙමටගොඩ පදිංචිව සිටින බවත් ඔහු පසුගිය 05 වෙනිදා මාතර ගොස් මෙම ඝාතනයකර ඇති බවත් පොලීසිය කියයි.

    මෙම මව විසින් ඇගේ සියළුම දේපොල ප්‍රාණ භුක්තිය තබාගෙන පුතාට ලියා තිබෙන බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මව මියගිය පසු දේපොල සියල්ලම ඔහුට හිමිවන බැවින් එම දේපොල කල්තියාම හිමිකර ගැනීමේ අරමුණ ඇතිව මව මරා දමා ඇති බව පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    මෙම පුද්ගලයා සිය මවගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ලබාගැනීමටද දැඩි උත්සහයක නිරතව සිට ඇති බව ද පොලීසිය කියයි. එහෙත් අධිකරණ වෛද්‍යවරුන් විසින් එසේ නොකර පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමේදී ගෙල සිරකිරීමකින් මෙම මරණය සිදුව ඇති බව තහවුරුකරගෙන ඇත.

    ඒ අනුව පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සියල්ල වමාරා ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img