තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු අධිවේගයේ දී රිය අනතුරක

    පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු අධිවේගයේ දී රිය අනතුරක

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ගමන් ගනිමින් සිටි ජිප් රථයක් ඊයේ (05) සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරට ලක්ව තිබේ.

    මන්ත්‍රීවරයා ගමන්ගත් ජිප් රථය කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී එහි ඉදිරිපස දකුණු ටයරයේ හුලන් බැසීමක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.

    රථය පාලනයෙන් මිදී මාර්ගය මැද පිහිටි ආරක්ෂක වැටෙහි ගැටී ඇති බවත් අනතුර සිදුවූයේ කිලෝ මීටර් 03 කණුව ආසන්නයේදී බවත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රධාන පාලක පොලිසිය සඳහන් කරයි.

    අනතුරින් ජිප් රථයට හානි වී ඇතත් එහි ගමන්කරමින් සිටි මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවෙකුටත් හානියක් සිදුව නැත. මන්ත්‍රීවරයා රියදුරු ඇතුළු හය දෙනෙක් මෙම අනතුර වූ අවස්ථාවේදී රථයේ ගමන්කරමින් සිට ඇති බව ද පොලීසිය සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img