තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බටහිර ධනවතුන්ගේ ක්‍රෙඩිට් කාඩ්වලින් කඩේ ගිය සිසුවා රහස් පොලිස් අත්අඩංගුවට

    බටහිර ධනවතුන්ගේ ක්‍රෙඩිට් කාඩ්වලින් කඩේ ගිය සිසුවා රහස් පොලිස් අත්අඩංගුවට

    අමෙරිකාව, එක්සත් රජධානිය, මෙක්සිකෝව, ආජන්ටිනාව වැනි රටවල ධනවතුන්ගේ ක්‍රෙඩිට් ණය කාඩ්පත් දත්ත අන්තර්ජාලය ඔස්සේ සොයාගෙන එම දත්ත මගින් මාර්ගගත ක්‍රමයට වසරකට වැඩි කාලයක් තිස්සේ භාණ්ඩ මිලදී ගනිමින් සිය මිතුරන් සමඟ විනෝදකාමී ජීවිතයක් ගතකල 18 හැවරදි තරුණයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් දෙකක් පමණක් සමත්ව ඇති මෙම සිසුවා දුම්මලසූරියේ පදිංචිකරුවෙකි.

    දුප්පත් පවුලක සාමාජිකයෙක් වන ඔහු අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු කුළිවැඩකර මිලදීගත් දුරකතනයකින් අන්තර් ජාලයට පිවිසීම ගැන මෙන්ම වෙබ් අඩවි හැක්කිරීමට ස්යං අධ්‍යනයක් මගින් දැනුම ලබා ජාත්‍යන්තර බැංකු පද්ධතිවල ඇති ණයකාඩ්පත් දත්ත ලබාගෙන ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත. එම දත්ත මගින් ඔහු මාර් ගගත ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීම්වල නිරතව සිට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

    මුලින්ම ඔහු ණය කාඩ්පත් දත්ත යොදාගෙන කර ඇත්තේ රුපියල් 50ක රීලෝඩ් එකක් සිය ජංගම දුරකතනයට ලබාගැනීමය. අනතුරුව ඔහු ඇදුම් පැළදුම්, ආහාර වර් ග , චීස් බටර් , මෙන්ම මිල අධික විදෙස් මත්පැන් පවා මාර් ගගත ක්‍රමයට මිලදී ගෙන තිබේ.

    මෙසේ මිලදී ගන්නා සෑම දෙයක්ම ඔහු සිය මිතුරන් සමඟ බෙදා හදාගෙන පරිහණයකර ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට මුල්වී ඇත්තේ ණයකාඩ්පත් ගෙවීම් සම්බන්ධයෙන් මෙරට කටයුතුකරන ලබන බලයලත් ආයකනයක නිලධාරියෙක් විසින් කළ පැමිණිල්ලකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img