තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අහිංසක රියදුරෙකුට කොකාපෙන්නූ රුසියානුවා අත්අඩංගුවට

    අහිංසක රියදුරෙකුට කොකාපෙන්නූ රුසියානුවා අත්අඩංගුවට

    සංචාරක වීසා මගින් මෙරටට පැමිණ සිටින රුසියානු ජාතිකයෙකු දකුණේ සංචාරයක නිරතව ඔහු ගමන් කළ මෝටර් රථයේ කුළිය ලබානොදී සාපරාධි විශ්වාසය කඩකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අම්පාර සයින්දමරුදු හී පදිංචි ආදම්බාවා නසීර් නැමැති 29 හැවිරිදි පුද්ගලයෙකු සමඟ ඔහුට අයත් මෝටර් රථයකින් පසුගිය 04 වෙනිදා ගාල්ල, හික්කඩුව, උණවටුන, වැලිගම යන ප්‍රදේශවල සංචාරයේ නිරතව නැවත ඊයේ (05) කොල්ලුපිටියේ පිහිටි කැසිනෝ ශාලාවකට පැමිණ මුදල් නොගෙවීමක් සම්බන්ධයෙන් මෙම රුසියානුවාට එරෙහින ලද පැමිණිල්ලකට අනුව අද (06) අලුයම් කාලයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

    AEKLE ROPEB ALEKSE නැමැති මෙම රුසියානු ජාතිකයා සිය සංචරය නිමකර කොල්ලුපිටියේ බෙලාජියෝ කැසිනෝ ශාලාව වෙත ගොස් ඇත්තේ එහි කළමනාකරු සමඟ කථාබස්කර මුදල් ලබාදෙන බව කියමිනි. රුපියල් 46,606ක් වන එම මුදල ඔහු ලබානොදී කැසිනෝ ශාලාවට ගොස් ඇති අතර ඔහු නැවත නොපැමිණීම නිසා කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත රියදුරා විසින් කළ පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම රුසියානුවාව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img