තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කසිප්පු ජාවාරම්කරු එක්ක පොලිස් සැරයන් ලක්ෂ 80ක් කොල්ලකාලා

    කසිප්පු ජාවාරම්කරු එක්ක පොලිස් සැරයන් ලක්ෂ 80ක් කොල්ලකාලා

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් වෙළදසැල්වලට බෙදාහරින ගලේවෙල පිහිටි ව්‍යාපාරික ස්ථානයකට අයත් භාණ්ඩ බෙදාහරින ලොරි රථයක තිබුණු රුපියල් ලක්ෂ 80ක මුදලක් ආඩියාගල මනම්පේරි වැව ආසන්නයේදී ඊයේ (03) රාත්‍රීයේදී හලාවත පොලීසියේ සැරයන්වරයෙකු ඇතුළු කල්ලියක් විසින් කොල්ලකා තිබේ.

    පොලිස් සැරයන්වරයා විසින් මෙම කොල්ලයට සම්බන්ධ වී ඇත්තේ පොලිස් නිල ඇදුමින් සැරසී බව මේ ගැන විමර්ශන පවත්වන ගිරානේගම පොලීසිය සඳහන් කරයි.

    මෙම කොල්ලය සිදුකර පළායමින් සිටි එක් කොල්ලකරුවෙක් ඊයේ (03) රාත්‍රී කාලයේදී බුලනවැව ප්‍රදේශයේදී මකුලුගස්වැව පොලීසියේ නිලධාරීන් විසින් ගම්වැසියන්ගේද සහය ඇතිව අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. එම පුද්ගලයා වාරියපොල පදිංචි කසිප්පු ජාවාරම්කරුවෙකි.

    මෙම කසිප්පු ජාවාරම්කරුගේ සැළසුමකට අනුව මෙම කොල්ලය සිදුකර ඇති බවත් පොලිස් නිලධාරියාත් කසිප්පු ජාවාරම්කරුත් ඇතුළු සිව් දෙනෙකු යතුරු පැදි දෙකකින් ගොස් මග රැකසිට මෙම කොල්ලය සිදුකර ඇති බව පොලීසිය කියයි.

    සැරයන්වරයා නිකවැරටියේ පදිංචිකරුවෙකු වන අතර සෙසු සැකකරුවන් වාරිපොල පදිංචිකරුවන්ය. සැරයන්වරයා කලක් වාරියපොල පොලීසියේ සේවයේ නිරතව ඇත. එහිදී කසිප්පු ජාවාරම්කරුව දැන හදුනාගෙන මෙම කොල්ලයට සම්බන්ධව ඇතැයි අනාවරණය වී තිබේ.

    මේ වන විට පොලිස් සැරයන්වරයා ඇතුළු සෙසු සැකකරුවන් පළාගොස් සැගව සිටින බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img