තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විවාහ නැකත දෙන්න මනමාලිගේ ගෙදරට ගිය කොස්තාපල් මරුට

    විවාහ නැකත දෙන්න මනමාලිගේ ගෙදරට ගිය කොස්තාපල් මරුට

    සිය විවහායේ නැකත් පත්‍රය මනමාලියගේ නිවසට භාරදී සිට පියා සමඟ ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් පැදවූ යතුරු පැදියක් ගසක ගැටී සිදුවූ අනතුරකින් කොස්තාපල්වරයාත් පියාත් දෙදෙනාම මියගොස් තිබේ.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ සවස කටුවන-ඌරුබොක්ක මාර්ගයේ රුක්මල්පිටිය පාසල අසල දීය.

    යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

    දික්වැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි ක්‍රීෂාන්ත ජයලත් (27) යන පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ පියා වන වී.ධර්මසේන (66) මෙසේ මියගොස් ඇත.

    ඔවුන් දෙදෙනා වෑකඳ පදිංචිකරුවන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img