තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුංචි ඡන්දෙදි ශ්‍රීලනිපය දෙබිඩි වෙයි

    පුංචි ඡන්දෙදි ශ්‍රීලනිපය දෙබිඩි වෙයි

    ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය උතුරු හා නැගෙනහිර පළාත්වල ‘අත’ ලකුණ යටතේත්, සෙසු පළාත්වල එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ වෙනත් සන්ධානයක් ලෙස තරඟ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

    සියලු වාමාංශික හා ප්‍රගතිශීලී දේශපාලන බලවේග එක්කරගත් සන්ධානයකින් තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කරයි.

    මේ වන විටත් විමල් වීරවංශ මහතාගේ සභාපතීත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය, ඩලස් අලහප්පෙරුම මහතා නියෝජනය කරන නිදහස ජනතා සභාව ඇතුළු කණ්ඩායම සමඟ මෙන්ම දේශපාලන පක්‍ෂ 27ක් සමඟ ඒ සඳහා සාකච්ඡා පවත්වා ඇතැයි ද දයාසිරි ජයසේකර මහතා අනාවරණය කළේය.

    මෙම සාකච්ඡා ඉදිරි දින කිහිපය තුළ අවසන් කර ලංකාවේ දැවැන්ත දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී සමඟි ජන බලවේගය සමඟ සාකච්ඡා නොපවත්වන බවත් හෙතෙම පැවැසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img