fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනියම් පෙම සෙබලෙකුගේ දිවි අහිමිකරයි

    අනියම් පෙම සෙබලෙකුගේ දිවි අහිමිකරයි

    යුද හමුදාවේ 06 වන ගැමුණු හේවා බලකායට අනුයුක්තව සේවයේ නිරතව සිටි 27 වියැති හමුදා සෙබලෙක් ඊයේ ගෙල වැලලාගෙන සිය දිවි හානිකරගෙන ඇත.

    කොලුගල පහළගම සංඝරාජපුර පදිංචිව සිටි මෙම සෙබලා සියදිවි හානිකරගෙන ඇත්තේ ඔහු අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය කාන්තාව පදිංචිව සිටින පේරාදෙණිය ගොඩපොල පිහිටි නිවසේදීය.

    විවාහක තැනැත්තියක් වන ඇය සමඟ මෙම සෙබලා අනියම් පෙම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඇය විසින එම සම්බන්ධය නතරකිරීමට කළ යෝජනාවක් හේතුවෙන් සිත් තැවුලට පත්ව මෙසේ සියදිවි හානිකරගෙන ඇති බවත් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.