තවත්
    මුල් පිටුවspecialඇෆ්ගන් දැරියන්ට - කතුන්ට පනවන සීමා ගැන තලේබාන් පාලකයන්ට ජගත් සංවිධානයෙන් 'රතු...

    ඇෆ්ගන් දැරියන්ට – කතුන්ට පනවන සීමා ගැන තලේබාන් පාලකයන්ට ජගත් සංවිධානයෙන් ‘රතු එළියක්’

    ඇෆ්ගනිස්ථානයේ ගැහැණු ළමුන් සහ කාන්තාවන්ට, එරට පාලක තලේබාන් සංවිධානය විසින් දැඩි සහ පීඩාකාරී නීතිරීති පැනවීමෙන් සිදුවන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

    ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ එරට කාන්තා අයිතිවාසිකම් පිළිබඳ තලේබාන් සංවිධානය විසින් පනවන ලද ‘අදහාගත නොහැකි සීමාවන්’ ඇෆ්ගනිස්ථානය අස්ථාවර කිරීමේ අවදානමක් ඇති බවයි.

    මේ අනුව ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනයට බලපාන දැඩි ප්‍රතිපත්ති ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත.

    එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රධානි වෝකර් ටර්ක් පවසා ඇත්තේ තලේබාන් සංවිධානයේ මෙම පීඩාකාරී ක්‍රියාමාර්ගවල “භයානක ප්‍රතිවිපාක” අත්විදීමට සිදුවනු ඇති බවයි.

    එබැවින් ඒවා නැවත සලකා බලන ලෙස ජගත් සංවිධානය තලේබාන්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

    ‘කිසිම රටකට සංවර්ධනයට, සැබෑ පැවැත්මට, සමාජීය හා ආර්ථික වශයෙන් එහි ජනගහනයෙන් අඩක් බැහැර කළ නොහැක’ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පැවසීය.

    ‘කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ඇති මෙම අදහාගත නොහැකි සීමාවන් සියලු ඇෆ්ගනිස්ථානුවන්ගේ දුක් වේදනා වැඩි කරනවා පමණක් නොව, ඇෆ්ගනිස්ථානයේ දේශසීමාවෙන් ඔබ්බට අවදානමක් ඇති කරනු ඇතැයි මම සිතනවා’ ඔහු පැවසීය.

    කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ ගැහැණු ළමයින් සඳහා ද්විතීයික අධ්‍යාපනය තහනම් කිරීමෙන් දින කිහිපයකට පසු කාන්තාවන්ට තවදුරටත් රාජ්‍ය නොවන සංවිධානවල සේවය ද තලේබාන් සංවිධානය නිවේදනය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img