තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිධානයක් ගොඩගන්න හැදූ කොස්තාපල් එක්ක 08ක් අත්අඩංගුවට

    නිධානයක් ගොඩගන්න හැදූ කොස්තාපල් එක්ක 08ක් අත්අඩංගුවට

    නිධානයක් ගොඩ ගැනීමට සූදානමින් ත්‍රීරෝද රථ දෙකක නැගී ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියෙක් ඇතුළු 08 දෙනෙකු අම්පාර මංගලගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිලධාරියා පොලිස් ක්‍රීඩා කොට්ඨාශයට අනුයුක්තව බම්බලපිටිය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සේවයේ නිරතව සිටින කොස්තාපල්වරයෙකි.

    මෙම නිලධාරියා ඇතුළු අත්අඩංගුවටගත් සැකකරුවන් 08 දෙනා ත්‍රීරෝද රථයක නැගී ගමන් කරමින් සිටියදී පොලිස් පරීක්ෂාවකට ලත්ව ඇත. එහිදී ත්‍රීරෝද රථයේ තිබී පොලොව අභ්‍යන්තරයේ ඇති පාෂාණ හදුනා ගැනීමේ ස්කෑනරයක් ඇතුළු කැණීම් උපකරණ රැසක් එක් ත්‍රීරෝද රථයකත් අනෙත් ත්‍රීරෝද රථයේ මල් පහන් ඇතුළු තොවිල් ද්‍රව්‍යත් තිබී හමුවී ඇත.

    ඒ අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ගොනාගොල්ල ගලපිටගල ප්‍රදේශයේ ගල්තලාවක ඇතැයි කියනු ලබන නිධානයක් ගොඩගැනීමට ඔවුන් ගමන් කරමින් සිටි බවය.

    මෙම සැකකරුවන් මහියංගනය, පොලොන්නරුව, වැලිමඩ සහ හාලිඇල පදිංචිකරුවන් බව පොලීසිය කියයි. මේ අතර කට්ටඩියෙක්ද සිටින බව පොලිසිය පවසයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img