තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැරදි වැඩියෙන් කරන තරමට ලයිසන් නැතිවෙන පොටක් ලබන මාසේ සිට

    වැරදි වැඩියෙන් කරන තරමට ලයිසන් නැතිවෙන පොටක් ලබන මාසේ සිට

    වාහන ධාවනයේදී සිදුකරන වැරදි මත රියදුරු බලපත්‍රයේ ලකුණු කපාහැරීමේ ක්‍රමය ලබන මාසයේ සිට ක්‍රියාත්මක කෙරේ.

    රථවාහන වැරදි 32 කට අදාළව ලකුණු අඩු කිරීම ක්‍රියාත්මකයි. ඒ අනුව, ලබා දී ඇති ලකුණු ප්‍රමාණය බලපත්‍රහිමියා සිදුකරන වැරදි ප්‍රමාණය අනුව ක්‍රමයෙන් අඩුවේ.

    එවැනි ලකුණු 20ක් අඩු කළහොත් රියදුරු බලපත්‍රය වසරක කාලයකට අත්හිටුවනු ලැබේ.

    එහිදී මාර්ග අනතුරකින් පසු වාහනය නොනවත්වා ධාවනය කළහොත් ලකුණු 10ක් අඩු කෙරේ.

    පැයට කිලෝමීටර් 150 ට වඩා වේගයෙන් ධාවනය කළහොත් ලකුණු 08ක් අඩු කරනු ලැබේ.

    මාර්ග යෝග්‍යතාවය නොසලකා නොසැලකිලිමත් ලෙස රිය පැදවීමේදී ලකුණු 06ක් අඩු කෙරේ.

    ලකුණු සංඛ්‍යාව බින්දුවක් වූ විට අදාළ රියදුරු බලපත්‍රය අහෝසි වන අතර, එම රියදුරුට යළි රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව ද එහිදී අහිමි වේ.

    මාර්ගයේ රථවාහන ධාවනයේදී රියදුරන් විසින් සිදුකරන වැරදි අවම කිරීම මෙහි අරමුණයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img