තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීසිං ඇරියස් වාහන සීසර්ලාට උස්සන්න පුළුවන්ද? -අලුත් නීතිය මෙන්න..

    ලීසිං ඇරියස් වාහන සීසර්ලාට උස්සන්න පුළුවන්ද? -අලුත් නීතිය මෙන්න..

    කල්බදු සමාගම් සහ මූල්‍ය සමාගම් මඟින් වාහන අත්පත් කරගැනීමේ දී වාහනයේ අයිතිකරු විරෝධය දක්වන්නේ නම් සමාගම් විසින් දිසා අධිකරණයක නඩු පවරා වාහනය අත්කර ගැනීමට නෛතිකව පියවර ගතයුතු යැයි පොලිස්පතිවරයා විසින් නිකුත්කළ චක්‍රලේඛයක සඳහන් වේ.

    වාහන කොල්ල කෑම, සොරකම් කිරීම, ආදී වරදක් සිදුවුවහොත් පොලිසිය නිසි ක්‍රියාමාර්ග ගත යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

    කල්බදු හෝ මූල්‍ය සමාගම් වාහන හෝ උපකරණ අත්පත්කර ගැනීමක් පිළිබඳ අයිතිකරු ඉදිරිපත් කරන පැමිණිලි ඇතැම් පොලිස් ස්ථාන මගින් ප්‍රතික්ෂේප කරන බව වාර්තා වී තිබෙන බවද මින් ඉදිරියට එම පැමිණිලි භාරගෙන නිසි විමර්ශනයක් සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවට ද එහි සඳහන් වේ.

    කල්බදු සමාගම් හෝ මූල්‍ය සමාගම් හෝ ඔවුන්ගේ නියෝජිතයින් (සීසර්වරුන්) නීතියට පටහැනිව කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

    කල්බදු හෝ මූල්‍ය සමාගම්වලට වාහන, උපකරණ අත්පත් කරගැනීම සඳහා පොලිස් නිලධාරීන් මැදිහත් නොවිය යුතු බවද පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

    කල්බදු සමාගම්, මූල්‍ය සමාගම් හෝ බලය පැවරූ නියෝජිතයින් පූර්ව දැනුම් දැනුම්දීමක් කර පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටින විට සාමය ආරක්ෂා කිරීමේ කාර්යය සඳහා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබා දියයුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img