fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන-ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික දෙපළකගේ විශේෂ හමුවක්

    චීන-ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික දෙපළකගේ විශේෂ හමුවක්

    චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ ඇමරිකාවේ ආසියානු සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සම-සභාපති John Thornton මහතා අතර විශේෂ හමුවක් පැවැත්වේ.

    මෙම හමුව ඊයේ (22) චීනයේ බෙයිජිං අගනුවර දී සිදුවිය.

    බාලි දූපතේ පැවති හමුවේ දී දෙරට නායකයන් දෙදෙනා එළඹුණු සම්මුතීන් මනාව ක්‍රියාත්මක කළ යුතු බවත්, චීනය සහ ඇමරිකාව එකිනෙකා නිවැරදිව සම්බන්ධ විය හැකි මාර්ගයක් ගොඩනඟා ගත යුතු බවත් Wang Yi මහතා මෙහිදී පැවසීය. ඇමරිකාව, චීනය අසාධාරණ ලෙස රඳවා තබා ගැනීම සහ මර්දනය අතහැර, ජනාධිපති Joe Biden මහතාගේ ධනාත්මක ප්‍රකාශ ක්‍රියාවට නංවා, චීනය පිළිබඳ ප්‍රායෝගික ප්‍රතිපත්තියකට යොමු විය යුතුය. එසේම, දෙරට අතර අන්‍යොන්‍ය අවබෝධය පුළුල් කළ යුතුය. ඒ සඳහා ඇමරිකානු ව්‍යාපාරික, උපායමාර්ගික සහ ශාස්ත්‍රීය කවවලින් වැඩි පිරිසකට චීනයට පැමිණෙන ලෙස ද Wang Yi මහතා ඇරයුම් කළේය.

    ඇමරිකානු – චීන ආර්ථික හා වෙළඳ හුවමාරුව ප්‍රවර්ධනය, චීනය පිළිබඳ ඇමරිකානු ජනතාවගේ අවබෝධය වැඩිදියුණු කිරීම සහ දෙරට සබඳතාවල ස්ථායි වර්ධනය සඳහා අඛණ්ඩ කාර්යභාරයක් ඉටු කිරීමට සූදානම් බව John Thornton මහතා එහි දී අවධාරණය කළේය.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.